Sunday, April 3, 2016

සෑම පිරිමියෙක්ම තම සහකාරියගෙන් බලාපොරොත්තු වෙන නමුත් ඇයට කිසිදා නොකියන රහස් 5ක් මෙන්න


හැසිරෙනවා අඩුයි.දන්නවද හැම පිරිමියෙක්ම තමා ආශ්‍රය කරන තම සහකාරියගෙන් 

බලාපොරොත්තු වෙන නමුත් කවදාවත් ඔවුන්ට හෙළි නොකරන  දේවල් කීපයක් තියෙනවා 

කියලා.අද අපි ඒ මොනවද කියලා කතා කරමු.


ඔහුට නිසි ගරුත්වය ලබා දෙනවට


මේක

තමයි හැම පිරිමියෙක්ම ගැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ.ඔබට හොද 
පෙම්වතියක් , බිරිදක් වෙන්න අවශය නම් අනිවා මුලින් ඔබේ පිරිමියාට නිසි ලෙස 
ගරු කරන්න පුරුදු වෙන්න.සැම විටම හැම කටයුත්තකම ප්‍රධානියා වෙන්න ඔහුට ඉඩ 
දෙන්න.ඔබ ගෙදර පිරිමියා වෙන්න ගියොත් ඉක්මනටම කසාද ජීවිතය එපා වේවි.හැම 
මාසෙම අග තමන්ගේ සැමියාගේ පඩි පැකට් එක අතට අරන් controll කරන්න යන බිරිදක්
වෙන්න එපා.

ඔහුව අගය කරනවට

ඔබට

හොද පෙම්වතියක් හෝ බිරිදක්වීමට අවශ්‍ය නම් අනිවා ඔබේ සහකරුගේ වැඩ කටයුතු 
වලට සැම විටම නිසි අගය කිරීම් ලබා දෙන්න.හැබැයි එහෙම කියලා බොරුවට දේවල් 
අගය කරන්න යන්න එපා.මොකද පිරිමින්ට පුළුවන් ඔබ බොරුවට කරන අගය කිරීම් බොහොම
පහසුවෙන් අදුර ගන්න.ඒ වගේම ඔබ සැබෑ ලෙස ඔහු පිලිබදව සිදු කරන අගය 
කිරීමකින් ඔහුගේ හිත ගොඩක් සතුටු වෙන බවත් ඔබ මතකයේ තියා ගන්න.

ඔහු කැමති දේවල්වලට ඔබ සහයෝගයෙන් ඔහු සමග එකතු වෙනවට

මේක

අද සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක්.ඔබේ පිරිමියාගේ හිතේ තියෙන ඔහු කරන්න ආස 
දේවල් වලට ඔබට පුළුවන් නම් හැකි පමණ සහභාගී වෙන්න.අපි හිතමු ඔබේ සහකරු ආසයි
කියලා action films බලන්න.හැබැයි ඔයා ආස හින්දි films බලන්න.නොගැලපීමක් 
තියෙන නිසා ඔයා එයා films බලන වෙලාවට ඔහුව සෝෆා එකේ තනි කරලා යනවා.මේ වගේ 
දේවල් වලට පිරිමි ඇත්තටම කැමති නෑ. පිරිමි  ආසයි එයාලා කැමති දේ ඔවුන්ගේ 
පෙම්වතිය හෝ බිරිදත් එක්ක එකතු වෙලා කරන්න.ඔයා ඒ action film එක බලන්න 
අවශ්‍ය නෑ.එත් ඔහු ලගට වෙලා ටිකක් හරි  වෙලා ඉන්න පුළුවන් නම් ඔහු ගොඩක් 
සතුටු වේවි ඔබ වැනි සහකාරියක් ලැබීම ගැන

දිරිගැන්වීම් කරනවට

මේකත්

ගොඩක් වැදගත් දෙයක්.හැම පෙම්වතියක්ම , බිරිදක්ම තම සහකරුව ඔහුගේ ජිවිතේ 
අරමුණු වලට යන්න අවශ්‍ය කරන උපරිම දිරි ගැන්වීම නිරතුරුවම ලබා දෙන්න 
ඕනේ.එයා හැමදේම කියන්නේ ඔයාට නිසා ඔහුගේ ඉලක්ක  පිළිබද දැඩි විශ්වාසයක් ඇති
වෙන විදියට ඔබ හැසිරෙන්න ඕනේ. ඔබගේ හැම වචනයක්ම ඔහුට ඉස්සරහට යන්න දිරි 
ගැන්වීමක් ලබා දෙන දෙයක් විය යුතුමයි.කිසිම වෙලාවක ඔබ ඔහුව අඩු තක්සේරු 
කරන්න යන්න එපා.ඔහුගේ ශක්තින් පිළිබදව ඔබේ සිතේ විශ්වාසයක් නෑ කියලා ඔහුට 
තේරුනොත් ඔහු ගොඩක් මානසිකව වැටේවි.ඔහුට ගොඩක් දුක හිතිලා ඔහු පිලිබදව 
විශ්වාසය ඔහුට නැති වේවි.ඒ දේ නම් කවදාවත් වෙන්න තියන්න එපා.

යාළුවොත් එක්ක set වෙන්න පොඩි නිදහසක්

මෙන්න

මේ කරුණත් ගොඩක් වැදගත්.ගොඩක් අය ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු ගමන් හරි 
marry කරපු ගමන් හරි මහා බොරු සිමා මායිම් දා ගන්නවා.යාලුවෝ ආශ්‍රය අඩු 
කරන්න කියනවා.මට නම් පෙන්නේ එක මහා බොරු වැඩක් විදියට.ඒ වගේම එක නිසා ගොඩක්
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.අද ගොඩක් දික්කසාද වලට හේතුව තමයි මේ අපේ 
ආදරවන්තයින් බොරුවට රෝමියෝ ඇන්ඩ් ජුලියට් ලා වෙන එක.ඔයාගේ පිරිමියාට එයාගේ 
යාලුවෝ එක්ක set වෙලා fun එකක් ගන්න යම්කිසි නිදහසක් දෙන්න.එහෙම කරනවට 
පිරිමි ගොඩක් කැමතියි.ඒ වගේම ඔබ වැනි බිරිදක් ලැබීම ඔහුගේ වාසනාවක් බව 
ඔහුගේ යහළුවන් ට පාවා නිතරම ප්‍රකාශ කරන්න ගනීවි.හැබැයි මෙතැනදී ගොඩක්ම 
නිදහස දෙන්න කියලා ඔහුව ඇත ඇරලම දාන්න එපා.එතකොටත් ප්‍රශ්න ඇති වෙන්න 
පුළුවන්.

ලිපිය

ලියලා ඉවරයි.මෙතන ප්‍රධාන කරුණු 5ක් තියෙනවා.තව පොඩි පොඩි දේවල් තියනවා 
ඉතින්.ඔබට පුළුවන් හැම වෙලාවටම සහකරු ඉදිරියේදී හොද පිළිවෙලට ඉන්න ලස්සන 
ඇදලා කරලා.ඒ වගේම හොද කරුණාවන්ත හඩක් හැමදාටම තියා ගන්න.නපුරු පෙම්වතියක් 
වෙන්න එපා.කොල්ලෝ ගොඩක් කැමති බොහොම සෞම්‍ය කතා විලාශයක් හැසිරීමක් ඔබෙන් 
නිතරම පිලිබිබු වෙනවා නම්.හරි එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.ඔයාලාට සුබ
දවසක්!!!

සෙක්ස් කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල්


නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 


1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි. 

2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?

කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න

ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.


6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ. 


7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.

සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.


9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි. 

Saturday, April 2, 2016

ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්

පි නම් අහලා තියෙන විදියට කාන්තාවෝ කියන්නේ බොහොම open කිසිම රහසක් රකින්න බැරි ඕනේ දෙයක් හැමෝමත් එක්ක කියවන කෙටියෙන්ම කිව්වොත් කට වහගෙන විනාඩියක් වත් එක දිගට ඉන්න බැරි අමුතුම මානව කොට්ටාසයක් විදියටනේ.එත් දන්නවද හැම ගැහැනියකගේම ජිවිතේ ඇතුලේ අභිරහසක් තියෙනවා කියලා.හැබැයි ඒවා මහා ලොකු දේවලුත් නෙවෙයි.එත් පිරිමින්ට හරිම අමාරුයි මේ ගැහැනුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙන රහස් තේරුම් ගන්න.කෙටියෙන්ම කිව්වොත් හැම ගැහැනියක්ම තම පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා.හැබැයි ඒ දේවල් කවදාවත් තම පිරිමියාට කියන්නේ නෑ. ඒවා හැමදාම රහස් විදියට ගැහැණුන්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා.ඉතින් මේ අභිරහස් දැනගත්තු පිරිමි එක්ක ගැහැණු ගොඩක් සතුටින් ඉන්නවා.බැරි උනු අයට ඉතින් sorryම තමා.බය වෙන්න එපා අද විශ්ම ලෝකය තුලින් ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවමදකාවත් පිරිමින්ට නොකියන දේවල් ගැන ඔයාලාට කියලා දෙන්නම්.



ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට

ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති නෑ.ඒ ගොල්ලෝ ගොඩක් ආසයි ගෙදර වැඩ හැම එකක්ම පිරිමියා මුලිකත්වය අරන් කරනවට.ඒ නිසා ගෙදරට ගෙන පුංචි බඩු ලිස්ට් එක උනත් ඔයා පොඩ්ඩක් විහිලුවට හරි පරික්ෂා කරලා බලලා ඒ හැම දෙයක් ගැනම තමුන් හොද අවබෝදයකින් කටයුතු කරන බව පෙන්වන්න.කවදාවත් ගෙදර වැඩ කටයුතු වල මුලිකත්වය කන්තාවන්ට දෙන්න යන්න එපා.ඒ දේට කාන්තාවෝ ඒ තරම් කැමති නෑ.පිරිමියා පිරිමියෙක් විදියට කටයුතු කරනවට තමයි ඒ ගොල්ලෝ හිත යටින් ආසා කරන්නේ.



ගෑනු කැමතියි නොසිතු ලෙස විවිධ කරන පුදුම කිරීම් (surprices) වලට

තමුන්ගේ සහකරුවා විසින් නිර්මාණාත්මක ලෙස සැලසුම් කරපු විවිධ දේවල් හරහා ඒ ගොල්ලෝ පුදුම කරනවට ගැනු අය ගොඩක් කැමතියි.එතකොට තමයි ගෑනුන්ට හිතෙන්නේ ඒ ගොල්ලෝ තමුන්ගේ සහකරුවාගේ සිත තුල විශේෂ කෙනෙක් කියලා තේරෙන්නේ.ඇත්තටම මෙහිදී නිතර නිතරම මහා ලොකු ඉතාමත් මිල අධික තෑගි බෝග දෙන්නම අවශ්‍ය නෑ.පුංචි රස කෑමක් හරි ඔබේ බිරිදට හෝ පෙම්වතියට ඉදලා හිටලා අරන් යන එකත් ඒ ගොල්ලොන්ගේ හිත් ඇතුලේ පිරිමින්ට ගොඩක් ලකුණු ලැබෙන දෙයක්.






ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

ගොඩක් ගැනු අයගේ හිත යට තියෙන ලොකු බයක් තමයි තමුන්ගේ සහකරුවා වැඩ කරන office එකේ ගැනු අය , සහකරුවා ආශ්‍රය කරන මිතුරියෝ වගේ අය එයාගේ ආදරය හොරකම් කරයි කියලා.ඉතින් එක නිසා පිරිමි අය ගොඩක් පරිස්සමින් අනිත් ගැනු එක්ක වැඩ කරන්න.නිතරම තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද ලෝකේ ඉන්න ලස්සනම හා හොදම කාන්තාව බව එයාට අගවන්න ඕනේ.අනිත් ගැනු තමා සත පහකට මායිම් කරන්නේ නැති බව පෙන්වන්න.ඇත්තටම මේක බොරු රගපෑමක් විතරයි.හැබැයි ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන්.




ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා තමුන් ඉදිරියේදී ගොඩක් අවංක වෙනවට

ඔව් මේ දේ ගොඩක්ම වැදගත්. බාහිර ලෝකයෙදී තමුන්ගේ පිරිමියා මොන වගේ කෙනෙක් උනත් තමුන් ඉදිරියේ අවංක වෙනවට ගැනු ගොඩක් කැමතියි.කවදාවත් ගෑනුන්ට අහු වෙන බොරු කියන්න එපා.ගැනු ගොඩක් අප්‍රිය කරනවා බොරු කියන අයව.තමුන්ගේ පෙම්වතියට හෝ බිරිදට බොරු කියනකොට ගැනු හිතනවා එයාලව දැන් විහිළුවක් වෙලා කියලා.ඒ ගොල්ලොන්ගේ වටිනාකම අඩු වෙලා කියලා.එතකොට ඔබේ ලකුණු ගොඩක් කැපෙනවා.සැලකිලි අඩු වෙනවා.බොරු කියන එක තමයි හේතුව.



ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට

මේක හොදින් තේරුම් ගැනීම වැදගත්.යාලුවෝ ආශ්‍රය කරනවට ගැනු අය අකමැති කියන කතාව බොරුවක්.ගැනු අය කැමතියි තමුන්ගේ සහකරුවා පොඩ්ඩක් යාලුවෝ එක්ක fun එකේ ඉන්නවට.ඉදලා හිටලාපොඩ්ඩක් set වෙලා සින්දුවක් කියලා සතුටින් ඉන්නවට.හැබැයි ඕනෙවට වඩා නම් මේ දේවල් කරන්න ගියොත් නම් බඩුම තමා.නොකර හිටියත් පොඩ්ඩක් අවුල්.සමාජය තුල මොන තරම් සිමා තිබුනත් ඇත්ත කතාව මේක තමයි.



තව පොඩි පොඩි දේවල් තියෙනවා.කමක් නෑ.ප්‍රධානම දේවල් 5ක් තමයි මේ තියෙන්නේ.හරි එහෙනම් මේ දේවල් වලට අවධානය දීලා ටික දවසක් තමුන්ගේ සහකාරියව test කරලා බලන්නකෝ.ඔයාට ලකුණු ලැබේවි බලන් ඉන්දැද්දී.එහෙනම් විශ්ම ලෝකය කැපෙන්න හදන්නේ.සුබ දවසක් ඔයාලට.

ලිපිය හොදනම් යාළුවොන්ටත් බලන්න share පාරක් දාලාම යන්න හොද ඩලාලා වගේ.

Friday, April 1, 2016

කෙල්ලෝ හැමදාම පන වගේ ආදරය කරන විශේෂිත පිරිමි වර්ග


ඉතින් කොහොමද යාලුවනේ !!! අද කියන්න යන්නේ ටිකක් අමුතු දෙයක් . ආදර සම්බන්ධතා වලදී එක එක කොල්ලෝ හැසිරෙන්නේ එක එක විදියට .ඒ හැසිරෙන ආකාරය අනුව පිරිමි වර්ග කරොත්  කෙල්ලෝ අනිවාර්යයෙන්ම මැරෙන කම් ආදරය කරන පිරිමි වර්ග 5ක් ගැනයි අද ලිපිය ලියවෙන්නේ

ආදර බර පිරිමින්ට (Romantic Guys)
පිරිමියා නිතරම ආදර සම්බන්ධතාවය තුල කරන සැම පුංචි දෙයක් පවා ම ඉතාමත් ආදර බර ලෙස (romantic විදියට ) හොදින් සැලසුම් කරලා කෙල්ලගේ ආදරේට  සැහෙන වටිනාකමක් දෙන විදියට වැඩ කරන කෙනෙක් නම් ඒ වගේ කොල්ලොන්ට කෙල්ලෝ පන වගේ ආදරේ කරනවා. ඒ කියන්නේ පිරිමියා නිතරම කෙල්ල බලන්න යන කොට මල් අරන් යනවා නම් , පුංචි පුංචි තෑගි , කෑම ජාති වගේ දේවල් අරන් යනවා නම් , කෙල්ලගේ උපන්දිනය දවසේ කෙල්ල පුදුම වෙන විදියේ සැරසිලි කරලා සමරනවා නම් , හැම මගුලටම ඉටි පන්දම් වගේ දෙවල් ගහලා තනි පිස්සුවක් කරනවා නම් ඒ වගේ කොල්ලෝන්ව  අමතක කරන්න කෙල්ලොන්ට ටිකක් අමාරුයි  .මේකේ ඇත්තකුත් තියනවා එක අතකින් බැලුවම. ඇයි ඉතින් අපේ කෙල්ලෝ ගොඩක් වෙලාවට ඔය ශෝභන වැඩ වලට සැහෙන්න කැමතියිනේ.

හොද ආත්ම විශ්වාසයක් තියෙන පිරිමින්ට 
මෙතැනදී ආත්ම විශ්වාසය කිව්වේ කෙල්ල පිළිබද හොද විශ්වාසයක් කොල්ල ගේ හිත තුල තිබීම මගින් ඔහු සමාජයේ බය නැතුව ඉන්න එකට. ඒ කියන්නේ කෙල්ල පිට යාවි කියලා හිතේ කිසිම බයක් නැති කෙල්ල ගැන හොද විශ්වාසයක් තියෙන පිරිමින්ට කෙල්ලෝ ගොඩක් ආදරෙයි 

කලා හැකියාවන් තියෙන පිරිමින්ට 
මේ ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ. ගිටාර් එකක් ගහන්න , ලස්සනට සින්දු කියන්න , dance කරන්න , චිත්‍ර අදින්න පුළුවන්  කොල්ලොන්ට කෙල්ලෝ මාර කැමතියි වගේම යාලු උනොත් මැරෙන කම් ම ආදරේ කරන සම්භාවිතාව ඉතා වැඩියි. ඇයි ඉතින් පට ගාලා පොඩි වැඩ කෑල්ලක් දාපු ගමන් කෙල්ල පිස්සු වැටෙනවනේ .

විදේශීය පිරිමින්ට 
ඔව් කෙල්ලෝ කැමතියි foreigners ලට. අපේ රටේ කෙල්ලෝත් ඔය සුද්දෝ එහෙම බැදලා ඉන්නේ. මෙතැනදී වෙන්නේ අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ තම රටේ නිතර දකින්න ලැබෙන එකකාරී පිරිමි එක්ක ජිවත් වෙනවට වඩා කෙල්ලෙක් කැමති ටිකක් වෙනස් ගති පැවතුම් තියෙන , වෙනස් සංස්කෘතික පැවැත්මක වෙනස් විදියට හිතන  පිරිමියෙක් එක්ක  ජිවිත කාලෙම උනත් try කරලා බලන්න 

Bad boys ලාට 
කව්රු මොනව කිවත් මේ ලෝකේ තියෙන ක්‍රමය වෙනස් කරන්න බෑ . ලෝකයේ  ප්‍රධාන අරමුණ තමයි ජීවින් බෝ කිරීම. ඒ සදහා නිතරම පිරිමි සහ ගැහැණු එකිනෙකාට රාගයෙන් බැදෙන විදියට තමයි ලෝකේ හැඩ ගැහිලා තියෙන්නේ. අපි මේ දියුණුව ලබන්න කලින් ඉස්සර වනාන්තර වල කෑලෑ නිතිය  තිබුන කාලේ පිරිමින් අතර ශක්තිවන්තයා  තමයි ලස්සන ගැහැණු ටික සේරම තියා  ගෙන හිටියේ (Survival of Fittest). ඒ වගේම ගැනුත් ගොඩක් ආශා කලේ ශක්තිමත්ම පිරිමියා එක්ක ඉන්න තමයි. ඉතින් අපි කොයි තරම් අද දියුණු උනත් ගැහැණුන්ගේ හිතන පතන විදිය නම් වේගයෙන් පරිනාමනය උනේ නෑ .එක තමයි අපි ස්කොලේ යන කාලේ ලස්සන කෙල්ලෝ ඔක්කොම ටික පන්තියේ හිටපු හොදම වලි කාරයෝ ටික දාගත්තේ.

හෙන seriousවිදියට life එක plan කරන මොන දේ කරන්න  ගියත් අම්බානෙක හිතන පිරිමින්ට වඩා  නිදහසේ හිතන පතන , හිතුන ගමන් ඕනේ දෙයක් කරන ,  කෙල්ල වෙනුවෙන් ඕන දෙයක් ලැබෙන ප්‍රතිවිපාක ගැන නොහිතා කරන , විසේකාර කොල්ලොන්ට කෙල්ලෝ ගොඩක් හිත යටින් කැමතියි. ඒ වගේ කොල්ලෝ එක්ක කෙල්ලෝ හැමදාම බොරුවට රණ්ඩු අල්ල අල්ල ජිවිත කාලෙම එකට ඉන්නවා. 

කව්රු මොනව කිව්වත් ආදරය රාගය කියන්නේ ජිවිතේ සල්ලි වලින් ගොඩක් එහාට ගිය දෙයක්. ලෝකය බිහි උනේ අංග සම්පුර්ණව මෙහි පැවැත්මට අවශ්‍ය සියලු දේ අඩුවක් නැතුව අපිට දීලා. සල්ලි කියන්නේ පසු කාලීනව ලෝකේ ට එකතු වුන් දෙයක් මිසක් ලෝක පාලන ධර්මතාවයක් නෙවෙයි. මිනිසුන්ගේ ශරීරයේ හා හැගීම් වල ශක්තිමත් භාවයට විතරයි ලෝකය වෙනස් කරන්න පුළුවන් 

හරි යාලුවනේ ඔන්න විශ්ම ලෝකයා ලිපිය ලියලා ඉවරයි. ඔයාලට සුබ දවසක් !!!

තමන්ගේ සහකාරිය සමග හොදින් ලිංගිකව එකතුවීමට නොහැකි වීමට හේතු


මෙම ප්‍රශ්නය අද ගොඩක් පිරිමි අතර පවතින දෙයකි. සමහර පුද්ගලයන්ට ලිගුව ප්‍රාණවත් නොවීමක් සිදුවේ. තව සමහරක් අයට ලිංගික එකතුවීමකදී අවසානය දක්වා තමන්ගේ ශිශනය ක්‍රියාකාරීව නොහැකි තාවයක් පවතී.තව සමහර අයට දවසකට එක සරයකට වඩා එකතු වීමට නොහැකි වේ. මෙයට ප්‍රදාන කරුණු මොනවද බලමු.

1)ප්‍රදානම හේතුවක් ලෙස අපිට දක්වන්න පුළුවන් මානසික පීඩනය.මෙම මානසික පීඩනය නිසා ගොඩක් අයට ලිංගිකව එක්වීමට නොහැකි තත්වයක් ඇතිවේ. මානසික පීඩනයක් ඇතිවීමේදී මොලයෙන් නිකුත් කරන හෝමෝන නතර කිරීමට පටන් ගනී. මෙම මොලයෙන් නිකුත් කරන හෝමෝන මගින් තමයි අපේ මනසේ උද්දීපනයක් ඇති වන්නේ.මෙම හෝමෝන නිකුත් නොකිරීම නිසා අපිට එකතු වීමට මනසේ කැමැත්තක් ඇති නොවේ. විශේෂයෙන් මෙය ඇති වීමට හේතු විදියට දක්වන්න පුළුවන් ජොබ් එකේ ඇති ප්‍රශ්න සහ පව්ලේ ප්‍රශ්න ඇතිවීම.

2) තව හේතුවක් ලෙස දැක්වීමට පුළුවන් හයි බ්ලඩ් ප්ලේසර්. මේ නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.තමන්ගේ ලිගුව හොදින් තියාගැනීම සදහා අපේ ඇගේ ලේ ගමනාගමනය හොදින් පැවතිය යුතුය.ලේ ගමනගනය නිසා තමයි අපේ ලිගුව ගොඩක් වෙලා ප්‍රාණවත් වෙලා පවතින්නේ. හයි බ්ලඩ් ප්ලේසර් නිසා අපේ ඇගේ ලේ ගමනාගමනය අඩු වේ.

3)තවද දයඛෙටිස් පවතින පුද්ගලයන්ටත් හොදින් ලිංගිකව එකතු වීමට නොහැකි වේ. අදික සීනි ඇගේ තිබීමෙන් අපගේ ලේ ගමන් කරන නහර පොඩි තුවාල වීම් නිසා අපේ ලිගුව ප්‍රාණවත් වීම අඩු කරයි.


4)තවද ගොඩක් වෙලා බය්සිකල් පැදීම නිසාද මෙම තත්වය ඇති වේ.මොකද අපේ ලිගුව අශ්‍රීතව පවතින නහර වලට ගොඩක් වෙලා බර යාම මගින් අපේ ලිගුව අසල පවතින නහර හෝ නර්ව්ස් දැමෙජ් වේ.

5) තව ප්‍රදාන කාරණයක් ලෙස දැක්වීමට පුළුවන් අපේ වයසත් සමග ඇගේ ටෙස්ටෙස්ටේරෝන් ප්‍රමාණය අඩු වීම.සාමාන්‍යයෙන් වයස 30න් පස්සේ අපේ අගේ ටෙස්ටෙස්ටේරෝන් නිපදවෙන ප්‍රමාණය සියයට 1ත් 2ත් අතර අඩුවේ. ටෙස්ටෙස්ටේරෝන් යනු අපිට ලිංගිකව එකතු වීමට දෙන හෝර්මෝනයකි. මෙමෙ හෝර්මෝනය අගේ අඩු වීමෙන්ද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකි වේ.

6)මීට අමතරව මහත්වීම, සිගරට් බීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි හේතු නිසාද ලිංගිකව හරියාකාරව එකතු වීමට නොහැකිවේ.

මෙම ලිපිය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී